බර්කිනා ෆසෝ රාජ්‍යයේ නව අගමැති ඇඩොල්ෆ්

බර්කිනා ෆසෝ රාජ්‍යයේ නව අගමැති ඇඩොල්ෆ්

බර්කිනා ෆසෝ රාජ්‍යයේ නව අගමැතිවරයා වශයෙන් ඇඩොල්ෆ් ටියාඩ් පසුගිය සඳුදා පත්කර තිබේ. මේ අතර ජනාධිපති බ්ලේස් කොම්පෝරිට එරෙහිව දරුණු විරෝධතා ආරම්භ වී ඇතැයි වාර්තාවේ.

සෙබළුන්, පාර්ලිමේන්තු පොලිසිය සහ සිසුහු විශාල පිරිසක් විරෝධතාවලට එක්ව සිටිති. උතුරේ කයා නගරයේදී දරුණු ගැටුම් හටගෙන තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා මුලින්ම උග්‍ර ගැටුම් ආරම්භවූයේ අව්ගඩුගු නගරයේදීය. ඇඩොල්ෆ් ටියාඕ අගමැති ධූරයට පත්වූයේ, හිටපු අගමැති ටර්ටියස් සොන්ගො පසුගිය සිකුරාදා ධූරයෙන් පහකිරීමත් සමගයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා