පැහැරගත් වැසියන් සිවුදෙනා බාරදෙන්නැයි උ. කොරියාව යළි ඉල්ලයි

පැහැරගත් වැසියන් සිවුදෙනා බාරදෙන්නැයි උ. කොරියාව යළි ඉල්ලයි

ඉකුත් පෙබරවාරියේ දේශසීමාසන්නයේ පාවෙමින් පැවති යාත්‍රාවක සිටි උ. කොරියානුවන් 31දෙනකු දකුණු කොරියාව විසින් පැහැර ගන්නා ලදැයි චෝදනා කරන උ. කොරියාව යළි ආපසු නොඑවන ලද සිවු දෙනකු බාරදෙන ලෙස නැවතත් ඊයේ ඉල්ලා සිටියේය. ඉකුත් මස මේ 31 දෙනාගෙන් 27 දෙනකු ආපසු යවන ලද ද. කොරියාව, උ. කොරියාවෙන් වරින්වර කෙරෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ ඉතිරි සිවුදෙනා සිය කැමැත්තෙන්ම ආපසු නොඑන බවය.

උතුරේ රතු කුරුස සංගමය මේ සම්බන්ධයෙන් ද. කොරියාවට චෝදනා කරමින් උතුර අප්‍රසාදයට පත්කරන හා ගැටුම්කාරීත්වයක් ඇතිවන පරිදි උ. කොරියානුවන් බලයෙන්ම දකුණට පලායාමට ඉඩ සලසන බව කියා ඇත. ඔවුන් පවසන්නේ 31 දෙනාගේ යාත්‍රාව මසුන් ඇල්ලීමේ යෙදී සිටිමුත් ඝන මීදුම හා අයිස් තට්ටු මැද හිරවී සිටි බවය. මෙහිදී ද. කොරියානු නාවික යාත්‍රා උ. කොරියානු යාත්‍රාව ඇදගෙන ගොස් එහි ගමන් ගත්තවුන් රදවාගෙන තිබේ. දින 50 කට වැඩි කාලයක් ඔවුන් රඳවා ගෙන ප්‍රශ්න කර ඇතැයි ද ඔවුන් උතුරින් පලා ආවුන් ලෙස තහවුරු කිරීමට දරණ ලද ප්‍රයත්නය අඩාලවීමෙන් පසු 27 දෙනකු පමණක් එවන ලදැයි ද රතු කුරුසය චෝදනා කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා