ඡන්දය දීමේ ක්‍රමය වෙනස් කරනවාට කැමරන් සහ ජෝන් රීඩ් ගෙන් විරෝධතා

ඡන්දය දීමේ ක්‍රමය වෙනස් කරනවාට කැමරන් සහ ජෝන් රීඩ් ගෙන් විරෝධතා

බ්‍රිතාන්‍යයේ ඡන්දය දීමේ ඓතිහාසික ක්‍රමය වෙනස් කිරීමට එරෙහිව, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් තම පරම සතුරෙක් වූ විරුද්ධ පාක්ෂිකයෙක් සමග එක්වී කටයුතු කරන බව වාර්තාවේ. මෙම ව්‍යායාමය වෙනුවෙන් කොන්සර්වටිව් පාක්ෂික අගමැති කැමරන් සහ හිටපු ලේබර් පාක්ෂික අභ්‍යන්තර කටයුතු ඇමැති ජෝන් රීඩ් එකම වේදිකාවකදී සටන්වැද සිටී. මැයි 5 දින පැවැත්වීමට නියමිත ජනමතවිචාරණය විකල්ප ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්වීමට මේ දෙපළ විරුද්ධත්වය පළකරයි.

යෝජිත ඡන්ද ක්‍රමය පැහැදිලි නැති, අසාධාරණ, වියදම් අධික එකක් බවට ඔව්හු තර්ක කරති. එමගින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයට පහරක් එල්ලවනු ඇති බවද ඔව්හු පවසති. කෙසේ වෙතත්, ලේබර් නායක එඩ් මිලිබෑන්ඩ් මේ සම්බන්ධයෙන් දරන්නේ ඊට එරෙහි මතයකි. දැනට බලපැවැත්වෙන ඡන්ද ක්‍රමය යටතේ බ්‍රිතාන්‍ය පහළ මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වන මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් පත්වන්නේ 50% කට අඩු ඡන්දයකින් බවට ඔව්හු තර්ක කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා