වැල්ලම්පිටිය විදුහලක් අසල අසභ්‍ය වීඩියෝ අලෙවි කර මාට්ටු

වැල්ලම්පිටිය විදුහලක් අසල අසභ්‍ය වීඩියෝ අලෙවි කර මාට්ටු

වැල්ලම්පිටිය නගරයට ආසන්න විදුහලක් ආසන්නයේ කලක සිට පවත්වාගෙන ගිය අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට පාසල් ළමුන්ට ක්‍ෂණිකව පිටපත් කර දෙන ස්ථානයක් වටලා අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට තුන්සිය හතලිස් පහක් (345) ගබඩා කර තිබූ පරිඝණකයක් හා පිටපත් කළ සී. ඩී. පට එකොලහක් සමග සැකකරුවකු පෙරේදා (30) දහවල් අත් අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කියයි.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව පොලිස් උපාය දූතයකුට පාසල් නිල ඇඳුමක් අන්දවා වීඩියෝ පටයක් මිලදී ගැනීමේ මුවාවෙන් ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා