කළුතර 5වැනිදා ජලය කැපෙ

කළුතර 5වැනිදා ජලය කැපෙ

කළුතර ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයට අයත් කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයනු ලබන විදුලි බලය අත්හිටුවීමේ හේතුවෙන් 05 වන ඉරිදා දින උදේ 8.30 සිට සවස 5.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ- වස්කඩුව/ පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/ දකුණ) කටුකුරුන්ද/ නාගොඩ, පයාගල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර/ මොරගල්ල, දර්ගා නගරය, අලුත්ගම, බෙන්තර, බෝම්බුවල, පිලමිනාවත්ත. එම නිසා ජලය ඉතා අරපිරිමැස්මෙන් යුතුව පරිභෝජනය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා