බහු විවාහ චෝදනාවට බස් රියදුරෙකුට සිරදඬුවම්

බහු විවාහ චෝදනාවට බස් රියදුරෙකුට සිරදඬුවම්

බහු විවාහ සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකුට මාස හයක බරපතළ වැඩ ඇතුව සිරදඬුවම් නියම කොට එය වසර පහකට අත්හිටුවන ලදී. මෙයට අමතරව රුපියල් 1500/= දඩ මුදලක් ගෙවන ලෙස මතුගම මහෙස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා නියෝග කළේය.

ධර්ගා නගරයේ අඹගහ හන්දිය ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ රියදුරෙකු ලෙස සේවය කරන අතරේ කටුගහහේන ප්‍රදේශයේ විසිපස් හැවිරිදි තරුණියක් සමඟ විවාහ වී ඇත්තේ දෙවන වරටයි. ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පළමු විවාහය කරගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයෙන්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා