ත්‍රස්ත අභියෝග ජය ගන්න නොබැඳී ජාතීන් අත්වැල් බැඳගත යුතුයි

ත්‍රස්ත අභියෝග ජය ගන්න නොබැඳී ජාතීන් අත්වැල් බැඳගත යුතුයි

වෙනස් වූ ගෝලීය පසුබිමක් ලෝකයේ රටවල් රැසකට පීඩා ගෙන දෙන ත්‍රස්තවාදී අභියෝගය ජය ගැනීම සඳහා නොබැඳි ජාතීන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ යුතු බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

මේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ජී.15 කණ්ඩායම, බිම්ස්ටෙක් සංවිධානය, සාර්ක් සංවිධානය වැනි සමාන හර පද්ධතීන් සහිත සංවිධාන සමඟ නොබැඳි ජාතීන්ගේ සංවිධානය ද සහයෝගීතාව ගොඩනඟා ගැනීම මඟින් අමතර වාසි සලසා ගත හැකි බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පසුගියදා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී පැවැති නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ 50 වැනි සංවත්සරය සමරමින් “එළඹෙන වසර 50 සඳහා නොබැඳී ජාතීන්ගේ ව්‍යාපාරයේ දායකත්වය පිළිබඳ පොදු දැක්ම” යන මාතෘකාව යටතේ පැවැති විවාදයකදීය.

අධිකරණ ඇමැති රවුෆ් හකීම්, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන , පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහත්වරු මේ සමුළුවට එක් වූහ.
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා