ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් පිලට ලෝක තරගාවලියේදී වාර්තාගත ජයක්

ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් පිලට ලෝක තරගාවලියේදී වාර්තාගත ජයක්

නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති තරගයෙන් ලකුණු 192ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය. බාර්බඩෝස් එම්පයර් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායම ඕවර් 30කදී ලකුණු 321ක් ලබාගත් අතර එංගලන්ත නීතිඥ කණ්ඩායම ලකුණු 129කට දැවී ගියේය. ශ්‍රී ලංකාව වාර්තාකළ ලකුණු සංඛ්‍යාව එම්පයර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉනිමක වාර්තාවූ ඉහළම දක්ෂතාව ලෙසද වාර්තා පොතට එක්විය. ශ්‍රී ලංකා නීතිඥ පිල මෙතෙක් පළමු වටයේ සහභාගිවී වූ තරගවලදී බටහිර ඉන්දීය කොදෙව් සමග තරගය වර්ෂාවෙන් බාධා වී අතහැර දැමුණු අතර ඉන්දියාවට එරෙහි තරගයේදී පරාජය පත්විය.

අද ආරම්භවන දෙවැනි වටයේදී බටහිර ඉන්දීය කොදෙව් ‘බී’ පිල සමග තරග වදී. තිඥවරුන්ගේ ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියට බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ හා ‘බී’ ඉන්දියාව පාකිස්තානය, ඔස්ට්‍රේලියාව එංගලන්තය, සහභාගී වෙති. ශ්‍රී ලංකාවෙන් ‘බී’ කණ්ඩායම සහභාගී වුවද සාර්ථක ප්‍රතිඵල අත්නොවීමෙන් පළමු වටයෙන් ඉවත්වීමට සිදුව ඇත. තරගාවලිය මේ 21 වැනිදා අවසන්වීමට නියමිතය. පසුගිය වසරේදී මේ තරගාවලියේ සුරතාව ඔස්ට්‍රේලියාව දිනා ගත්තේය.

ශ්‍රී ලංකා නීතිඥ පිල ලකුණු 321 (30)

නලින්ද රත්නායක 68, මාලික ගුණසේකර 59, අසේල පටබැදි 52, එර්ෂාන් අර්සරත්නම් 29, යොහාන් ජිනසේන 41

එංගලන්ත නීතිඥ පිල කඩුලු 9කට ලකුණු 129 (30)

එංගලන්ත පැරද වූ ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් පිල එමියර් ක්‍රීඩාංගණයේ සර් ෆ‍්‍ර්රෑන්ක් බොලේ දොරටුව අසලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා