චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ දොන් බොස්කෝ, බ්ලූස්ටාර් තරගය අද

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ දොන් බොස්කෝ, බ්ලූස්ටාර් තරගය අද

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ බ්ලූස්ටාර් හා දොන් බොස්කෝ අතර තරගය කලුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ. පසුගිය වසරේ සූරතාව දිනූ පෙරළිකාර මීගමුව දොන් බොස්කෝ හා බ්ලූස්ටාර් කණ්ඩායම් මෙවර සහභාගිවන පළමු තරගය මෙය බැවින් වැඩි දෙනකුගේ අවධානයට ලක්ව ඇත.

ඩයලොග් චැම්පියන් ලීග් තරගාවලියේ කුසලානය හා නිල පන්දුව ඩයලොග් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නුෂාඩ් පෙරේරා මහතා ෂසින් පාපන්දු සභාපති සරත් වීරසේකර මහතාට භාරදුන් අවස්ථාව.

දොන් බොස්කෝ හා බ්ලූස්ටාර් අතර පසුගිය වසරේ පැවැති තරග දෙකෙන් පළමු තරගය 2 - 0 ක් ලෙස දොන් බොස්කෝ ජයගත් අතර දෙවැනි තරගය 2 - 1 ක් ලෙස බ්ලූස්ටාර් ජය වාර්තා කළේය. තරගාවලිය ආරම්භ කරමින් යුද හමුදාව හා රත්නම් අතර සිටි ලීග් පිටියේ පැවැති තරගයේ දී ගෝල් 1 - 0 ක් ලෙස යුද හමුදාව ජය වාර්තා කළේය.

මොහොමඩ් ඉසෙදීන් එම ගෝලය ලබා ගත්තේය. සෝන්ඩර්ස් පිල ගෝල් 3 – 0 කින් සිවිල් ආරක්ෂක පිල පරාජයට පත් කිරීම කැපීපෙනුණි. එස්.පෙරේරා, ජී.ටී. කුමාර හා එම්. එස්. එම්. රිස්වින් ගෝල් වාර්තා කළහ. වෙන්නප්පුවේ පැවැති නාවික හමුදාව හා නිව්යංග්ස් අතර තරගයෙන් නාවික හමුදාවට ගෝල් 6 – 1 ක ජයක් හිමිවිය.

ආර්.එම්.ජේ. ධම්මික හා එන්. නිරෝෂන් ගෝල් දෙක බැගින් ද එල්.ටී.සිල්වා ඒ.සී. සංජීව ගෝලය බැගින් ද ලැබූහ. සිටි ලීග් පිටියේ පැවැති පොලිස් ජාවාලේන් අතර තරගය ගෝල් වාර්තා නොවී ජය පරාජයෙන් කෙළවර වූ අතර බැද්දගානේදී පැවැති ගුවන් හමුදාව හා රිනවුන් අතර තරගයෙන් ගෝල් 2 – 0 කින් ගුවන් හමුදාව ජය වාර්තා කළේය. එහිදී එස්. සංජීව හා සුමේධ ප්‍රනාන්දු ගෝල් වාර්තා කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා