ක්‍රිකට් අනාගතය වෙනුවෙන් මලික්-කනේරියා උසාවි යති

ක්‍රිකට් අනාගතය වෙනුවෙන් මලික්-කනේරියා උසාවි යති

පකිස්තාන ක්‍රිකට් පිලේ හිටපු නායක සොහෙබ් මලික් සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක දනීෂ් කනේරියා සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය තීරණය කෙරෙන අතිශය වැදගත් නඩු විභාගයක් සඳහා හිටපු විනිසුරුවරයකු ඉදිරියේ පෙනී සිටියද අවසන් තීන්දුව ලබා ගැනීමට නොහැකි විය.  29 හැවිරිදි මලික් සහ 30 හැවිරිදි කනේරියා පසුගිය වසරේ සිට එරට ජාතික පිල තේරීමේදී සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූහ. තරග පාවාදීමට සම්බන්ධ කරුණු අනාවරණය නොකිරීමේ හේතුවෙන් මෙසේ ජාතික පිලට තෝරා නොගෙන සිටීමට එරට ක්‍රීඩක පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ජම්ශෙඩ් ගේ ප්‍රධානත්වයෙන් යුත් විනය කමිටුව ඉදිරියේ මලික් සහ කනේරියා සත්‍යය අනාවරණය නොකළ බවට පසුගිය මාසයේදී එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉජාස් බට් චෝදනා කළේය. 2009 වසරේ එංගලන්තයේ බ්‍රසෙක්ස් ප්‍රාන්තයට ක්‍රීඩා කළ කනේරියා ඩර්හැම් ප්‍රාන්තය සමග පැවැති තරගය මුදලට පාවාදීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත් විය. නමුත් පසුව චෝදනා නිශ්ප්‍රභා කොට ඔහු නිදහස් කෙරිණි. මලික්ට එරෙහිව ගොනු කළ චෝදනාව වූයේ ඔහුගේ නමින් බැංකුවේ තැන්පත් වූ ස්ටර්ලිං පවුම් 90000 ක මුදලක් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා