ලංකා බැංකු දකුණු පළාත් ක්‍රීඩා සූරතාව මාතරට

ලංකා බැංකු දකුණු පළාත් ක්‍රීඩා සූරතාව මාතරට

ලංකා බැංකුවේ 2011 දකුණු පළාත් ක්‍රීඩා උළෙලේ සූරතාව දිනා ගැනීමට ලකුණු 127 ක් ලැබූ මාතර දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය. ලකුණු 123 ක් ලැබූ හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම අනුසූරතාව දිනා ගත්තේ ය. මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ පැවැති මේ ක්‍රීඩා උළෙලේ ලංකා බැංකුවේ දකුණු පළාත් කාර්යාලය හා දකුණු පළාත් ලංකා බැංකු ක්‍රීඩා සංගමය ඒකාබද්ධ වී සංවිධානය කෙරුනු අතර මේ සඳහා ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි ලංකා බැංකු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500 දෙනෙක් පමණ සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා