මොරටු විදුහලට කඩුලු 7ක ජයක්

මොරටු විදුහලට කඩුලු 7ක ජයක්

මොරටු මහා විදුහලත් පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විදුහලත් අතර පැවති අවුරුදු 15 න් පහළ තෙවැනි පෙල අන්තර් පාසල් ක්‍රිකට් තරගයෙන් කඩුළු 7 ක ජයක් වාර්තා කිරීමට මොරටු මහා විදුහල සමත් විය. පලමුවෙන් පන්දුවට මුහුණ දුන් මෙතෝදිස්ස උසස් විදුහල් පිල ලකුණු 132 කට දැවී ගිය අතර පිළිතුරු වශයෙන් මොරටු මහා විදුහල කඩුළු තුනකට ලකුණු 133ක් වාර්තා කිරීමට සමත් විය. ඩිල්ශාන් විජේසූරිය තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 56 ක් වාර්තා කළේය.

මෙතෝදිස්ස උසස් විදුහල – 132 (ඕවර 45.3) පි. එස්. නිමන්ත 30, (ඩිල්ශාන් විජේසුරිය 3 / 30, උදයාංග වීරසිංහ 3 / 24)

මොරටු විදුරල – 133 / 3 (ඕවර 25) ඩිල්ෂාන් විජේසුරිය 56, උදයාංග වීරසිංහ නොදැවී 35

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා