සිංගප්පූරු මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 5ක්

සිංගප්පූරු මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 5ක්

සිංගප්පූරු විවෘත මලල ක්‍රීඩා සූරතාවලිය අගෝස්තු මස 20 හා 21 යන දිනයන්හිදී බුකිටි ගොමිබැක් ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබේ.  මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩකයින් 04 දෙනෙකු එක් ක්‍රීඩිකාවක හා එක් නිලධාරියෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා ක්‍රීඩා අමාත්‍යතුමාගේ අනුමැතිය ලබාදී ඇත. ක්‍රීඩකයින් – රනිල් ජයවර්ධන (මී 100/200), ජී. එස්. එම්. ඒ. කුමාර (මී. 400), ඩී. එම්. ඊ. ඩී. කේ. ප්‍රනාන්දු (තුන්පිම්ම), මිලින්ද සම්පත් දිසානායක (දුරපැනීම), ක්‍රීඩිකාව - කේ. එම්. රත්නකුමාරි (මී. 400), පාලිත ජයතිලක මහතා (කළමනාකරු)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා