යොවුන් පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට බ්‍රසීලය එයි

යොවුන් පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට බ්‍රසීලය එයි

දඬුවම් පහර මගින් ගෝල 4 – 2 ක් ලෙස ස්පාඤ්ඤ ය පරාජය කළ බ්‍රසීලය අවුරුදු 20 න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 2003 වසරේ සිට සිවු වතාවකදීම 20 න් පහළ පාපන්දු ලෝක කුසලානය අත් කර ගත් බ්‍රසීලය මෙවර පස්වැනි වරටත් කිරුළ අත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වෙයි. අවසන් පූර්ව වටයේදී බ්‍රසීලය අද මෙක්සිකෝව සමග තරග වැදීමට නියමිතය.

මේ අතර ගෝල් 3 – 2 ක් ලෙස තරගයේ අතිරේක කාලයේදී නයිජීරියාවට එරෙහිව ජය හිමි කර ගත් ප්‍රංශය ද අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. අවසන් පූර්ව වටයේදී ප්‍රංශය සමග අද තරග වදින්නේ පෘතුගාලය කණ්ඩායමය. අර්ධ අවසන් පූර්ව වටයේදී සත්කාරක කොලොම්බියාව ගෝල් 3 – 1 ක් ලෙස පරාජය කරමින් මෙක්සිකෝවද ගෝල් 5 – 4 ක් ලෙස ආජෙන්ටිනාව පරාජය කරමින් පෘතුගාලයද අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා