අල්කයිඩා නව නායක අල් සවාරි අමෙරිකාවෙන් පළිගන්න සැරසෙයි

අල්කයිඩා නව නායක අල් සවාරි අමෙරිකාවෙන් පළිගන්න සැරසෙයි

අල්කයිඩා නවනායකයා වන අයිමන් අල් සවාහිරි එක්සත්ජනපදයට එරෙහි ප්‍රහාරයන්හි යෙදෙන ලෙසත් එලෙසින් සිය පූර්වගාමිකයා වන ඔසාමා බින් ලාඩන් ඝාතනය සම්බන්ධයෙන් පළිගන්නා ලෙසත් මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා තිබේ. මේ බව සයිට් බුද්ධි අංශ කණ්ඩායම අනාවරණයකර ඇත්තේ අන්තර්ජාලයට සවාහිරි නිකුත් කර ඇති වීඩියෝ පටයක් පදනම් කරගනිමිනි.

ලොව පුරා සිටින මුස්ලිම් සහෝදර වරුන්ටයි යනුවෙන් සඳහන් එම වීඩියෝ පටය විනාඩි 12 ක් තිස්සේ විකාශනය වන්නක් බව පැවසී තිබේ. මුජාහිදීන්ගේ ඉමාම්වරයා වන බින් ලාඩන් ඝාතනය කොට ඔහුගේ මළ සිරුර මුහුදට දමා ඔහුගේ බිරිය හා දරුවන් ග්‍රහණයට ගත් අමෙරිකාව හඹා යනු යැයි ඉල්ලා සිටින සවාහිරි මෙහිදී නව සන්නිවේදන මාර්ග උපයෝගීකොට ගෙන බුද්ධිමය අවියෙන් යුත් සටනක් ගෙන යන ලෙසද ප්‍රකාශ කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා