සිරියානු උද්ඝෝෂකයන් මර්දනයට එරෙහිව පලස්තීනයේ දී විරෝධතාවක්

සිරියානු උද්ඝෝෂකයන් මර්දනයට එරෙහිව පලස්තීනයේ දී විරෝධතාවක්

සිරියානු රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් දරුණු අන්දමින් මර්දනය කිරීමට එරෙහිව 400 කින් පමණ යුත් පලස්තීන තරුණයන් පිරිසක් පෙරේදා බටහිර ඉවුරේ රාමල්ලාන් නගරයේදී වාඩිලාගෙන පැවැත්වූ විරෝධතාවක නියැලුණහ.  මෙම විරෝධතා කණ්ඩායම විසුරුවා ලීමට පලස්තීන පොලිසිය මැදිහත්ව නැත. සිරියානු ධජ ලෙලවමින් මෙහි රැඳී සිටි තරුණ පිරිස ස්වකීය ජනතාවටම පහරදෙන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් - “බියසුල්ලකු” ලෙස හඳුන්වා තිබේ.

ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ ෆේස්බුක් වෙබ් අඩවිය හරහාය. සිය ජනතාව පෙලනු වෙනුවට සිරියානු ජනාධිපතිවරයා 1981 දි ඊශ්‍රායලය සිරියාවෙන් අල්ලාගත් ගෝලාන් කඳුකරයට සිය හමුදාව යැවිය යුතු යැයි ඔවුහු කියති. මේ අතර සිරියානු “ලැටකියා” වරාය නගරයේ පිහිටුවනු ලැබ ඇති “රාමෙල්” නම් පලස්තීන සරණාගත කඳවුර දෙසට සිරියානු හමුදා වෙඩිතැබීම ගැන දැඩි අවධානය යොමා ඇතැයි පලස්තීන සරණාගතයින් සඳහාවන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය ප්‍රකාශ කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා