සෝමාලියාවට යවන ආහාර කොල්ල කතැයි ප්‍රබල සැකයක්

සෝමාලියාවට යවන ආහාර කොල්ල කතැයි ප්‍රබල සැකයක්

ජගත් ආහාර සංවිධානය විමර්ශන අරඹයි

දරුණු සාගතයකින් පෙළෙන සෝමාලියානු සරණාගතයන්ට යවන ආහාර ද්‍රව්‍ය කොල්ල කෑමට ලක්වීමට ඉඩ ඇතැයි ජගත් ආහාර සංවිධානය සැක පළ කරයි මේ සම්බන්ධයෙන් දනටමත් විමර්ශන කටයුතු අරඹා ඇත. මෙවැනි සොරකම්වලට සම්බන්ධවන ඕනෑම කෙනෙතුට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජගත් ආහාර සංවිධානයේ නියෝජ්‍ය ප්‍රකාශක ෆාහන් හක් පවසයි සෝමාලියාවේ දැනට පවත්නා දැඩි නියඟය සහ සාගතය හේතුවෙන් දැනටමත් දස දහස් ගණනාවක් මිය ගොස් ඇත.

නැඟෙනහිර අප්‍රිකාවේ නියඟයෙන් පීඩා විදින අයට සහන සැලසීමට ඩොලර් බිලියන 2.4ක ආධාර සැපයීමට ඉදිරිපත් වන ලෙස ජගත් ආරක්ෂක කවුන්සලය ලෝක ප්‍රජාවෙන් ඉල්ලා තිබේ. දරුුණු නියඟය නිසා සෝමාලියාවේ මිලියන 12.4ක පමණ ජනතාවක් සාඟින්නෙන් පෙළෙන බව සඳහන්ය . සහනාධාර ආරක්ෂා සහිතව සරණාගතයන් වෙත ගෙන යාමට ජගත් සංවිධානය දැඩි ආරක්ෂක පියවර අනුගමනය කළත් සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් අතවර සිදුවීම නැවැත්වීම අසීරු වි ඇතැයි හක් තවදුරටත් පවසා ඇත. මේ සම්බන්ධයෙන් සෝමාලියානු රජය ද වෙනම පරීක්ෂණ අරඹා ඇත . කොල්ලකෑම් හුවා දක්වමින් සරණාගතයන්ට සහනාධාරසැපයීම සීමා නොකරන ලෙස එරට රජය ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා