අමෙරිකාවත් - දකුණු කොරියාවත් දින 10ක යුද අභ්‍යාසයක

අමෙරිකාවත් - දකුණු කොරියාවත් දින 10ක යුද අභ්‍යාසයක

දකුණු කොරියාව අමෙරිකාව සමඟ එක්වී කොරියානු මුහුදේ දින 10ක යුද අ්‍යාසයක් ආරම්භ කර තිබේ .එම අභ්‍යාසයට භටයන් 5030ත් සහභාගි වී සිටිති. ඉන් 3000 ක් පමණ අමෙරිකන් භටයන් බව සඳහන් වේ. මෙය ප්‍රකෝපකාරී ක්‍රියාවක් බවත් ඒ හේතුකොටගෙන ක්ෂණික යුද ගැටුමක් ඇතිවිය හැකි බවටත් උතුරු කොරියාව අනතුරු අඟවා ඇත. කෙසේවෙතත් මිත්‍ර පාර්ශව දෙක සඳහන් කරන්නේ මේ අභ්‍යාසය සම්ප්‍රදායානුකූලව වාර්ෂිකව පවත්වන්නක් බවයි.

දකුණු කොරියාව ඇතුළු කලාපයම බාහිර තර්ජන වලට එල්ලවීමෙන් වළකාගැනීම මේ අභයාසයේ මූලික අරමුණ බව ඇමෙරිකානු එකාබද්ධ හමුදා ආඥාපති ජෙනරාල් ජේම්ස් ටෲමන් පවසයි. කොරියානු අර්ධද්වීපය කිසිදා නොවු විරූ තරම් උණුසුම්කාරී තත්ත්වයකට මුහුණපාන අතර අහම්භ සිද්ධියකින් වුවද යුද්ධයක් ආරම්භ විය හැකි බව යුද විශේෂඥයන්ගේ අදහස බව උතුරු කොරියානු මාධ්‍ය පවසයි . අමෙරිකාව සහ දකුණු කොරියාව අරඅඳින්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ඨික සහ මිසයිල මර්මස්තාන වලට ක්ෂණික ප්‍රහාර එල්ල කිරීම බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා