බැරැක් ඔබාමාගේ ජනප්‍රියත්වය පහළට

බැරැක් ඔබාමාගේ ජනප්‍රියත්වය පහළට

‘ගෝල් අප්’ මත විමසුම කියයි

එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා ගේ කාර්ය සාධන ජනප්‍රියත්වය පළමුවරට 40% ටත් වඩා පහළ බැස තිබෙන බව නව ගෝල්අප් මත විමසුමකින් අනාවරණය වී ඇත. ඉකුත් ඉරිදා ප්‍රකාශයට පත්කෙරුණු මේ සමීක්ෂණයට අනුව ජනාධිපතිගේ කාර්ය සාධනයන් අනුමත කර ඇත්තේ අමෙරිකානුවන් ගෙන් 39%ක් පමණි. 54% ක්ම එය ප්‍රතික්ෂේප කර ඇත. එක්සත්ජනපද මාධ්‍ය වාර්තාවන්ට අනුව ජනාධිපති සමයේ ඔහු ලත් පහත්ම අගය මෙය වේ.

ඉකුත් මැයි මස පාකිස්තානයේ දි එක්සත් ජනපද විශේෂ බළකායක් මගින් ඝාතනය කෙරුණු ඔසාමා බින්ලාඩන් ගේ මරණයෙන් පසු සතිවල ඔබාමා ගේ ජනප්‍රියත්වය 53% ක්වැනි ඉහළම අනුපාතයකට ලඟාවී තිබිණි. නමුත් ඉන්පසු එරට ණය අනුපාතය පහළයාම හා පහළ වැටුණු ආර්ථික වර්ධනය වැනි සාධකයන් හේතු කොටගෙන ඔහුගේ ජනප්‍රියත්වය දිගින්දිගටම පිරිහෙන්නට විය. ඉහත කී තෙදින සමීක්ෂණය සඳහා වැඩිහිටියන් 1500ක් සහභාගි කරගන්නා ලද අතර අගෝස්තු 11-13 අතරදී එය සිදුකරන ලද්දේ දුරකතන මගිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා