ජාතික සමඟි රජයක් පිහිටුවන්න සියලු දේශපාලන පක්‍ෂවලට නේපාල අගමැතිගෙන් ආරාධනා

ජාතික සමඟි රජයක් පිහිටුවන්න සියලු දේශපාලන පක්‍ෂවලට නේපාල අගමැතිගෙන් ආරාධනා

නේපාලය නවමු දේශපාලන අර්බුදයකට යොමුකරම්න් අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපතිවරයා පෙරේදා සියලු දේශපාලන පක්ෂවලින් ජාතික සමගි රජයක් පිහිටුවන ලෙස ඉල්ලා තිබේ. තුරුවාර ව්‍යවස්තාවට අනුව එවන් රජයක් පිහිටුවන ලෙසත් අගෝස්තු 21 දක් වා ඊට කල් ලබා දෙන බවත් ජනධිපති වරයා පවසා ඇතැයි ජනාධිපති ලේකම් බාමන් ප්‍රසාද් නියුපානි මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

නේපාල පාර්ලිමේන්තුවේ කිසිඳු පක්ෂයක් ප්‍රමාණවත් බහුතරයක් නොලබා තිබීම මේ දේශපාලන අර්බුදවලට මුල්වී තිබේ.  කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ විශාලම ආසන සංඛ්‍යාව හිමි මාඕවාදීන් හා දෙවන විශාල පක්ෂය වන නේපාල කොන්ග්‍රසය මීළඟ රජය පිහිටුවීමට හිමිකම් කියන අතර මාඕවාදීන් ඔවුන්ගේ නියෝජ්‍ය සභාපති බාබුරාම් භට්ටාරි ඔවුන්ගේ රජයක අගමැතිවරයා ලෙස දැනටමත් නම් කර තිබේ.  එහෙත් නේපාල කොංග්‍රසය අගමැති ධුරය සම්බන්ධයෙන් දෙපිළකට බෙදී සිටින බව ප්‍රකාශවී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා