නරඹන්නන් ඇතුළු කිරීම රාත්‍රී 10ට අවසන්

නරඹන්නන් ඇතුළු කිරීම රාත්‍රී 10ට අවසන්

ඔයාමඩුව දැයට කිරුළ ජාතික මහා ප්‍රදර්ශන භූමියට නරඹන්නන් ඇතුළු කිරීම ඊයේ (8) සිට රාත්‍රී 10.00 ට අවසන් කිරීමට තීරණය කළ බව දැයට කිරුළ ප්‍රදර්ශන සම්බන්ධීකරණ කාර්යාලය පවසයි.

මීට පෙර උදෑසන අටේ සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා නරඹනන්නන් ඇතුළු කළ අතර, අවසන් පැය කීපයේ ප්‍රදර්ශන භූමියට ඇතුළුවන ජනතාව අලුයම දක්වා එහි රැඳී සිටීම නිසා ප්‍රදර්ශන කුටිවල සිටින කාර්ය මණ්ඩල සේවක මහත්ම මහත්මීන්ට දීර්ඝ කාලයක් නොකඩවා සේවය කිරීම අපහසු බැවින් මේ තීරණය ගෙන තිබේ.

කෙසේ වුවද ප්‍රදර්ශනය නරඹන්නන් සඳහා විවෘත කිරීම පෙර පරිදිම පෙ.ව. 8.00 ට ආරම්භ වේ. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශාල ජනතාවක් පැමිණෙන හෙයින් ප්‍රදර්ශනය මේ මස 12 දා දක්වා දීර්ඝ කිරීමට ද තීරණය කළ බව සම්බන්ධීකරණ කාර්යාලය පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා