විදෙස් අත්අඩංගුවේ තිබූ ධීවර යාත්‍රා 164ක් මගේ කාලෙදී බේරා ගත්තා

විදෙස් අත්අඩංගුවේ තිබූ ධීවර යාත්‍රා 164ක් මගේ කාලෙදී බේරා ගත්තා

විදෙස් රටවල අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 170කින් 164ක්ම තමා ධීවර ඇමැතිවරයා වශයෙන් සිටියදී නිදහස් කරගත් බව සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා පැවැසීය. සෝමාලියානු කොල්ලකරුවන් විසින් අත්අඩංගුවට ගත් ධීවරයන් පිළිබඳ අනුර කුමාර දිසානායක මහතා (ප්‍ර. ජා. ස) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දුන් ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා ධීවරයන් 63 දෙනකු මුහුදු සීමා උල්ලංඝනය කිරීම යටතේ විදේශීය අත්අඩංගුවට පත්වූ බවද තමන් ධීවර ඇමැති වූ පසු ඔවුන් නිදහස් කරගත් බවද සඳහන් කළේය.

විදේශ අත්අඩංගුවට පත්වූ ධීවර යාත්‍රා 170න් 164ක් නිදහස් කරගත් බව කී ෆීලික්ස් පෙරේරා ඇමැතිවරයා මෙරට ධීවරයන් 763 දෙනකු විදේශ අත්අඩංගුවට පත්වූ බවත් ඉන් ධීවරයන් 760 දෙනකු තමන් විසින් මුදාගත් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
තමන් සිදුකළ දේ සහ සත්‍යය යටපත් කරන්නට බැරි බව පැවැසූ ෆීලික්ස් පෙරේරා මහතා ඒවා සියල්ල ලේඛනගත කොට ඇතැයි ද අවධාරණය කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා