කහවත්තේ ද්විත්ව ඝාතන පැති කීපයකින් පරීක්ෂණ

කහවත්තේ ද්විත්ව ඝාතන පැති කීපයකින් පරීක්ෂණ

කහවත්තේ ද්විත්ව ඝාතනය ගැන පුළුල් පරීක්ෂණයක් සිදුකිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය ඇතුළු තවත් විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් එක්වී සිටිති. හෝඩුවාවන් කීපයක් ඔස්සේ තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව රත්නපුර උසස් පොලිස් නිලධාරියෙක් ‘දිනමිණ’ට කීය. පුද්ගලයන් සියයකට ආසන්න පිරිසකගෙන් මේ සම්බන්ධව ප්‍රකාශ ලබාගෙන තිබේ. මේ වනවිට පරීක්ෂණ සඳහා පත්වී සිටින පොලිස් කණ්ඩායම් සංඛ්‍යාව 13 කි. නිලධාරිහූ තුන්සියයක් පමණ ඊට සහභාගි වෙති.

18 හැවිරිදි පාසල් සිසුවියගේ පාසල් බෑගයේ තිබී හමුවු පෙරගෙවුම් දුරකථන කාඩ්පත එම සිසුවිය විසින් ඇයගේ දුරකථනයට භාවිතා කළ පතක් බව හෙළිවී ඇත. මවත් දියණියත් පදිංචි නිවෙස අසල නිවෙසක ඉදිකිරීම් වැඩට පැමිණි තරුණයින් දෙදෙනෙකුගෙන් පොලිසියද රහස් පොලිසියද ප්‍රශ්න කර තිබේ. මෙම ද්විත්ව ඝාතනය කහවත්තේ මීට පෙර සිදුවූ ඝාතන සිදුවීම්වලට වඩා වෙනස් ස්වභාවයක් ගන්නා බැවින් පරීක්ෂණ වෙනත් අතකට යොමුවී ඇතැයි පොලිසිය කියයි.

කහවත්ත අවට ගම්වල ආරක්ෂාවට පොලිස් ජංගම සේවා ක්‍රියාත්මකය. පොලිස් විශේෂ කාර්ය බළකායද ආරක්ෂාවට යොදවා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා