ගැබිනි හෙදියකට අතවර කළ තරුණයා 15දා තෙක් රිමාන්ඩ්

ගැබිනි හෙදියකට අතවර කළ තරුණයා 15දා තෙක් රිමාන්ඩ්

ගැබිනි හෙදියකට බරපතළ ලිංගික අතවරයක් සිදු කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර තරුණයකු මේ මස 15 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හතරේ ඇල පරසන්ගස්වැව අනුරාධපුර ලිපිනයේ පදිංචි විසිහය හැවිරිදි පුෂ්ප කුමාර නැමැති තරුණයෙකි. හෙදිය ගැබිනියක් බව තහවුරු වී ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය. සැකකාර තරුණයා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මහවිලච්චිය පොලිසිය කියා සිටියේ සැකකරු විසින් ඇලයාපත්තුව රජයේ රෝහලේ සේවය කරන හෙදියකට මෙම අතවරය සිදුකර ඇති බවයි. ඇය රෝහල ඉදිරිපිට පිහිටි නිල නිවසේ නාන කාමරයේ ස්නානය කරමින් සිට නැවත නිදන කාමරයට පැමිණි අවස්ථාවේ සැකකරු කාමරයට කඩා වැදී මෙම අතවරය සිදු කර ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා