ආයුධ අරන් නිවසකට ඇතුළු වී මුදල් - රන් බඩු කොල්ල කාලා

ආයුධ අරන් නිවසකට ඇතුළු වී මුදල් - රන් බඩු කොල්ල කාලා

ආයුධ සන්නද්ධව පැමිණි කොල්ල කල්ලියක් ඉකුත් 6දා වෙන්නප්පුව තල්දෙන ප්‍රදේශයේ නිවසකට හොර රහසේ ඇතුළු වී නිවැසියන්ට තර්ජන එල්ල කර ඔවුන් බැඳ දමා එහි තිබූ රුපියල් විසිපන් ලක්ෂයකට වඩා වටිනා රන් භාණ්ඩ මුදල් හා දේපළ තොගයක් පැහැර ගෙන ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.

ඩබ්ලිව්. නෙල්සන් කෲස් මහතා (45) කර ඇති පැමිණිල්ලක් අනුව වසර 15 ඉතාලියේ සේවය කර ආ ඔහු දැන් අවන්හලක් කරන බවත් මෙදින රාත්‍රි බිරිය සමඟ අවන් හල වසා සිය කැබ් රථයෙන් ගෙදර ගිය අතර නිවසට ඇතුළු වූ විට නිවස තුළ සිටි හය දෙනෙක්, තුවක්කු පෙන්වා මරණ තර්ජන ඇති කර ගෙහිමියන් බැඳ දමා මෙම කොල්ලය කළ බවත් කියයි. ගෙදර තිබූ කැබ් රථය ද පැහැරගෙන යාමට උත්සාහ කර ඇත. ප්‍රධාන ගේට්ටුව විවෘත කරගත නොහැකි වූ නිසා කැබ් රථය දමා ගොස් ඇත. ගෙදර තිබූ ඉතාලියෙන් ගෙනා විස්කි බෝතල 15 ක් ද සොරා ගෙන ගොස් තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා