මෝදරවැල්ල වෙරළේ දී විදේශිකයකුට පහර දීලා

මෝදරවැල්ල වෙරළේ දී විදේශිකයකුට පහර දීලා

සැකකරු සොයා පොලිස් පරීක්‍ෂණ

මාරවිල - මෝදරවැල්ල මුහුදු වෙරළේ තම බිරියත් සමඟ ඇවිද යමින් සිටි ඉතාලි ජාතික සංචාරකයකුට ශ්‍රී ලාංකිකයකු පහරදී ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ වූ මාරවිල පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත. ඉකුත් 7 දා දින දහවල් මෙම පහරදීම සිදුකර ඇති අතර එහිදී පහරකෑමට ලක්වී තුවාල ලබා ඇති ඉතාලි ජාතික ඩොලෙක් සෙන්ඩර් (25) නැමැත්තෙක් මාරවිල රෝහලට ඇතුළුකර ඇත.

තම බිරිඳවන යානා පෙරේරෝ සමඟ මාරවිල මෝදරවැල්ල මුහුදුවෙරළේ ඇවිදිමින් සිටින විට පැමිණි පුද්ගලයෙක් තමාට පහර දුන් බවත්, මෙම පහරදීමේ සිද්ධිය තම බිරිඳවන යානා පෙරේරෝ විසින් රූපගත කර ඇති බවත්, පහර කෑමට ලක්ව මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඉතාලි ජාතිකයා මාරවිල පොලිසියට පවසා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා