අපරාධකරුවන් දෙදෙනෙක් පොලිසියේ දී වීදුරු කටුවකින් බඩ කපාගෙන

අපරාධකරුවන් දෙදෙනෙක් පොලිසියේ දී වීදුරු කටුවකින් බඩ කපාගෙන

මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බට්ටා හා බීඩි නැමැති නම්වලින් හඳුන්වන අපරාධකරුවන් දෙදෙනකු පෙරේදා (07) ගම්පොළ පොලිසියේ දී වීදුරු කටුවකින් උදරය කපාගෙන සිර මැදිරියේ හිස ගසාගෙන තුවාල සිදුකර ගැනීම නිසා ගම්පොළ රෝහලට ඇතුළත් කැර තිබේ. මොවුන් මත්කුඩු නොමැතිව මානසික විකෘති තත්ත්වයට පත්ව ශරීරයට තුවාල සිදුකර ගෙන තිබෙන බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇත.

එක් සැකකරුවෙකුට අධිකරණය මගින් වසර දහයකට අත්හිටුවන ලද බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් ලබාදී තිබෙන බව පොලිසිය පවසයි. සැකකරුවන් දෙදෙනා මත්කුඩු පැකට් දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගනිද්දී එක් අයෙකු පොලිසියේ මේසයක් මත වූ ගම් දමා තිබූ වීදුරු භාජනයක් පොළවේ ගසා ඉන් උදරය කපාගෙන ඇත. අනෙක් සැකකරු පොලිස් සිර මැදිරියේ හිසගසා තුවාල සිදුකර ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතාගේ උපදෙස් මත ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා