වයඹ උපාධිධාරින් 535කට ගුරුපත්වීම්

වයඹ උපාධිධාරින් 535කට ගුරුපත්වීම්

- වයඹ ප්‍රධාන ඇමැති

වයඹ පළාතේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ඉදිරියේදී තවත් උපාධිධාරීන් 535 දෙනෙකු ගුරු සේවයට බඳවා ගන්නා බව වයඹ ප්‍රධාන ඇමැති අතුල විජේසිංහ මහතා දිනමිණට පැවැසීය.

උපාධිධාරීන් 600 දෙනෙක් පසුගියදා ගුරු සේවයට බඳවා ගත් බවත් පැවැසූ ප්‍රධාන ඇමැතිවරයා පළාතේ වැසීගිය පාසල් බොහොමයක් පසු ගිය කාලයේ නැවැත විවෘත කළ බවත් පැවැසීය. පළාතේ අධ්‍යාපනය වෙනුවෙන් තෘප්තිමත් සේවයක් තමන්ට කරන්ට හැකිවූ බවත් ප්‍රකාශ කළ ප්‍රධාන ඇමැතිවරයා පළාතේ පාසල්වල පැවැති ගුරු හිගය පියවීමට තමාට හැකි වූ බවත් කීය.

පොලිස් බලතල පළාත් සභාවලට අවශ්‍ය නොවන බවත් ප්‍රධාන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා