පුවත් පළකිරීමෙන් වළකින ලෙස ෆෙඩ්රිකා ජෑන්ස්ට අතුරු තහනමක්

නීතිඥ ලද්දුවහෙට්ටි ගැන

පුවත් පළකිරීමෙන් වළකින ලෙස ෆෙඩ්රිකා ජෑන්ස්ට අතුරු තහනමක්

නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාට අපහාසයක් හෝ අපකීර්තියක් වන ප්‍රවෘත්ති ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ පළකිරීම වළක්වමින් මාධ්‍යවේදිනි ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මියට අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (29) නිකුත් කළේය.

නලින් ලද්දුවහෙට්ටි මහතා ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මියට හා ලීඩර් පබ්ලිකේෂන් පුවත්පත් ආයතනයට විරුද්ධව පැවරූ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව මේ තහනම නිකුත් කළේය.

නීතිඥවරයෙකු ලෙස කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුවකදී ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මියගෙන් සාක්ෂි විමසීම කිරීමෙන් පසුව ජෑන්ස් මහත්මිය තමන්ට අපහාස වන පුවත් ලීඩර් පුවත්පතේ දිගින් දිගටම පළ කළ බවත්, එමගින් සිදුවු හානියට රුපියල් මිලියන හත්සිය පනහක වන්දියක් අයකරදෙන ලෙසත් ඉල්ලා මේ නඩුව පැවරීය.

අපහාසාත්මක පුවත් පළ කිරීම තහනම් කරන ලෙසද පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා මේ අතුරු තහනම නිකුත් කළ අතර නඩුවේ වැඩිදුර විභාගය මැයි 11 දිනට කල් තැබීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා