මධ්‍ය නයිජීරියාවේ පල්ලියක බෝම්බ ප්‍රහාරයකින් 7ක් මරුට

මධ්‍ය නයිජීරියාවේ පල්ලියක බෝම්බ ප්‍රහාරයකින් 7ක් මරුට

මධ්‍ය නයිජීරියාවේ කතෝලික පල්ලියකදී පෙරේදා මරාගෙන මැරෙන බෝම්බකරුවකු ගේ ප්‍රහාරයෙන් 7 දෙනකු ඝාතනය වී ඇති අතර එහිදී ඇතිවූ කලබල කාරිත්වයේදී හමුදා වෙඩිපහරින් තවත් තිදෙනකු මියගොස් ඇත.

දෙසතියකදි ජොස් නගරයේ පල්ලියකට එල්ලවූ දෙවන ප්‍රහාරය මෙය වන අතර ඉකුත් 26 දා එල්ලවූ ප්‍රහාරයෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත්විශාල පිරිසක් තුවාල ලබා තිබිණ. එහි වගකීම බෝකෝ හරාම් නම් ඉස්ලාමීය සංවිධානය බාරගෙන තිබිණ. මේ නවතම මරාගෙන මැරෙන ප්‍රහාරය හෙළාදුටු ජනාධිපති ගුඩ්ලක්‍ ජොනතන් මෙවන් නිහීන ප්‍රහාරයන් හා ඝාතනයන් නිම කිරීමේ ‍දැඩි අදිටනින් පසුවන බව කියා ඇත‍.

මේ අලුත්ම ප්‍රහාරයෙන් පසු කතෝලික තරුණයන් පලිගැනීමේ ක්‍රියාවන්හි නිරතව වනු ඇතැයි සැක පහලවී ඇත්තෙන් හමුදාව එවන් ප්‍රහාර මැඬලීමට පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරී තිබේ.

පෙ‍රේදා සිදුවුනු ප්‍රහාරයේදී ශාන්ත ෆින්බාර් ක‍තෝලික පල්ලියෙන් බැතිමතුන් බැහැර වෙමින්සිටියදී මරාගෙන මැරෙන ‍බෝම්බ කරු සිය පුපුරන ද්‍රව්‍ය පිරි වාහනය පල්ලි දොරටුවේ හප්පා ඇත.මෙහිදි 7 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලත් අතර පිපිරීමෙන් පසු එහි රැස්වූවන්ගේ කලබැගෑනි මැඬලීමට හමුදාව කළ වෙඩිතැබීමකදී තවත් තිදෙනකු මිය ගොස් ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා