බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිට පාකිස්තානය නඩු දමයි

බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිට පාකිස්තානය නඩු දමයි

පාකිස්තානයේ සිදුකරන එක්සත්ජනපද නියමු රහිත යානා ප්‍රහාරයන්ට බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ සහාය ලැබෙන බව පවසන පාකිස්තාන ජාතිකයකු වෙනුවෙන් බ්‍රිතාන්‍ය විදේශ ඇමැති විලියම් හේග් ට එරෙහිව නඩුපැවරීමට සූදානම් වන බව බ්‍රිතාන්‍ය නීති ආයතනයක් පෙරේදා ප්‍රකාශ කළේය.

පාකිස්තානයේදී සිදුකළ එක්සත්ජනපද නියමුරහිත යානා ප්‍රහාරයකින් සිය පියා මියගිය බව පවසන නූර්ඛාන් නම් තැනැත්තා වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහාධිකරණයේ දී මේ නීතිමය පියවර ගනුලබන බව ලන්ඩනයේ ලෙයි ඩේ නීති සමාගම තහවුරු කර තිබේ.

නීතිවේදීන් පවසන්නේ එක්සත් ජනපදයට බුද්ධිඅංශ තොරතුරු සපයන සිවිල් බුද්ධිඅංශ නිලධාරීන් “නීතිමය බැඳීමක් ඇති සටන්කරුවන් “නොවන බැවින් සාපරාධී නීතියෙන් මුක්තියක් සතු නොවන්නන් බවත්එහෙයින්ම මිනීමැරීමට සම්බන්ධ ද්වීතියික පාර්ශ්වයක් ලෙස සලකා නීතිය හමුවට ගෙන ආ හැකි බවත් ය. තවද පාකිස්තානය දැනට අන්තර්ජාතික සන්නද්ධ අරගලයක නිරත නොවන බැවින් මුක්තිය පිළිබඳ වගන්තීන් අදාළ නොවන බවටත් ඔවුහු තර්ක කරති.

එක්සත්ජනපද බුද්ධිඅංශ නිලධාරීන් හෝ එරට රජයේ ඒජන්තවරුන්ට තොරතුරු සැපයීමේ ප්‍රතිපත්තියක් හේග් විසින් අනුගමනය කරන අතර එම ප්‍රතිපත්තිය නීතියට අනුකූල ලෙස ඔහු සලකන බවට අභියෝගයට ලක් කළ නොහැකි හා විශ්වාස කළ හැකි සාක්කි පවතින බවත් ලෙයි ඩේ ආයතනයේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානී රිචඩ් ස්ටේන් ප්‍රකාශ කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා