පාකිස්තානයේ අවමංගල්‍ය උළෙලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

පාකිස්තානයේ අවමංගල්‍ය උළෙලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

පාකිස්තානයේ වයඹ දිග පෙෂවෝ නගරය ආසන්න අවමංගල උත්සවයක් පැවැති ස්ථානයකදී මරාගෙන මැරෙන බෝම්බ කරුවකු පෙරේදා සිය බෝම්බය ‍පුපුරුවා ගැන්මෙන් පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 30 දෙනකු ට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි පොලීසියෙන් පවසා තිබේ.

තලේබාන් විරෝධී දේශපාලනඥයකු ඉලක්කරගත් බව පැවසෙන මේ ප්‍රහාරය සිදුව ඇත්තේ කනත්තකදී අවමංගල්‍යයට සහභාගිවූවන් මියගිය තැනැත්තා වෙනුවෙන් යාඥා කීරීමත් සමඟබව පොලීසිය වැඩිදුරටත් කියා තිබේ.

මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් වන අතර බෝම්බකරුගේ හිස හා පා සොයාගත් බවත් සඳහන්ව ඇත. ඉන් මියගිය 15 ට අතිරේකව තවත් 37 දෙනකු තුවාල ලබා ඇත.

ප්‍රහාරකයා බෝම්බය සඳහා කිලෝග්‍රෑම් 8 ක පමණ පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන ඇති බවද පොලීසිය කියා තිබේ.තවද පොලීසීය විශ්වාස කරන්නේ අවමඟුලට සහභාගිවූ අනාගාමික අවාමි ජාතික පක්ෂයේ මන්ත්‍රී කුෂ්ඩිල් ඛාන් බෝම්බ කරුගේ ඉලක්කය වන්නට ඇති බවය. ඔහු ප්‍රදේශයේ තලේබාන් විරෝධී සටන්කාමී සංවිධානයක් ගොඩනඟා ඇති බැවින් තලේබාන් ප්‍රහාරක ලැයිස්තුවට ඇතුළත්ව සිටින බවපැවසී තිබේ.

කෙසේවෙතත් ප්‍රහාරයෙන් ඔහුට හානියක් සිදුව නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා