ඇෆ්ගන් ජාතිකයන්ගේ ඝාතනය ගැන ඔබාමා සොව පළ කරයි

ඇෆ්ගන් ජාතිකයන්ගේ ඝාතනය ගැන ඔබාමා සොව පළ කරයි

එක්සත්ජනපද -ඇ‍ෆ්ගන් නව අර්බුදයක් නිමැයීමට හේතුවී ඇති දාමරික අමෙරිකානු සෙබලෙකුගේ ඉවක් බවක් නැති වෙඩිතැබීමෙන් ඇෆ්ගන්ජාතිකයන් 16 දෙනකු ඝාතනය වීමේ සිද්ධිය පිළිබඳව දැඩි පරීක්ෂණයක් පවත්වන බවට එක්සත්ජනපදය පො‍රොන්දු වී තිබේ.

මේ සමූලඝාතනය තැතිගන්වන සුළු ඛේදවාචකයක් ලෙස හඳුන්වන එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා ඇෆ්ගන් ජනාධිපති හමිඩ් කර්සායි අමතා සිය කම්පනය හා ශෝකය ප්‍රකාශ කර ඇත.

මේ සමූලඝාතනයේදී කාන්තාවන් හා ළමයින්ද ඝාතනය වී ඇතිබව පවසන කර්සායි මෙය කිසිසේත් සමාව දිය නොහැකි වරදක් බව කියා තිබේ.

මේ සිද්ධිය දෙරට අතර සබඳතාවල අලුත්ම තත්ත්වය පිළිබිඹු කරන්නක් වන අතර එය අමෙරිකානු හමුදාට එරෙහි ඇෆ්ගන්ජන විරෝධය උග්‍රවීමට හේතුවනු ඇතැයි පැවසී ඇත.

පසුගිය මාසයේ අමෙරිකානු කඳවුරකදී කුරාණය ගිනිතැබීමෙන් දෙරට අතර සබඳතා මහත් අර්බුදයට ලක්වූ අතර ඉන්පසු හටගත් ජන විරෝධය මැඩලීමේදී පුද්ගලයන් 40 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබිණ.

එය ඔබාමා විසින් සමාව යැදීමට පවා හේතුවිය.

පෙරේදා අමෙරිකානු සෙබලෙකු දකුණුකන්දහාරයේ ගම්මානයකට කඩාවැදී කළ වෙඩිතැබීමෙන් ළමයින් 9 දෙනකු හා කාන්තාවන් තිදෙනකු ද මිය ගොස් තිබිණ.ඉන් පණ බේරාගත් 16 හැවිරිදිපුද්ගලයකු දුරකතනයෙන් කර්සායි ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අඳුරේම සිය නිවසට ඇතුළුවූ අමෙරිකානු සොල්දාදුවකු නිදා සිටි අය කූද්දා ඉවක් බවක් නැතිව වෙඩිතැබූ බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා