දකුණු කොරියාව සීරුවෙන්

දකුණු කොරියාව සීරුවෙන්

දකුණු කොරියාවේ සියොල් අගනගරයේ මාර්තු මස 26 හා 27 දෙදින පැවැත්වෙන න්‍යෂ්ටික ආරක්ෂක සමුළුව හමුවේ ආරක්ෂක ශක්තිය තරකරන දකුණු කොරියාව උතුරු කොරියාවෙන් දැඩි ප්‍රහාරයක් එල්ලවුවොත් ඊට දැඩි ප්‍රතිචාරයක් දැක්විය යුතු බවට සිය හමුදාවට උපදෙස් දී තිබේ.

සාගරික අයිස්තට්ටු දියවීමත් උතුරුකොරියානු නාවික හමුදාව යළිත් සිය ක්‍රියාදාමයන් උත්සන්න කරනු ඇති හෙයින් දකුණු කොරියානු හමුදාවන් සීරුවෙන් සිටිය යුතු බව ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති‍ ජෙනරාල් ‍ජුන් සෙයුන් ‍ජෝ පවසා ඇත.

‘උතුර ඕනාම වේලාවක අප කුපිත කරනු ඇත. එවන් විටෙක අපසතු සියළු අවිශක්තිය යොදවා වහා ප්‍රතිප්‍රහා ර දැක්වීමට හමුදාව සූදනම්ව සිටිය යුතුයි’ ඔහු කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා