ඊශ්‍රායලයෙන් ගාසා තීරයට නොකඩවා ප්‍රහාර

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට නොකඩවා ප්‍රහාර

33කට තුවාල

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර‍යකින් තුවාල ලැබූ ගාසාවේ කුඩා දරුවෙකු රෝහ‍ෙල්දී.

ඊශ්‍රායල් ප්‍රහාරක යානා පෙරේදා රාත්‍රී තවදුරටත් ගාසා තීරයට ප්‍රහාර එල්ල කළ අතර ඉන් 33 දෙනකු තුවාල ලබා ඇති බව සඳහන් නමුත් ඊශ්‍රායලයට රොකට්ප්‍රහාර එල්ල කරන සටන්කාමීන්ට ගැලවිල්ලක් නැති බව අගමැති බෙන්ජමින් නෙතන් යාහු කියා තිබේ .

හමාස් හදිසි සේවා ප්‍රකාශකට අනුව ගාසාතීරයට ගුවන් ප්‍රහාර 6 ක් එල්ලවී ඇත. මේ ප්‍රහාරයන්ගෙන් 33 දෙනකු තුවාල ලබා ඇත.මින් ප්‍රහාර දෙකක් නැ‍ඟෙනහිර ගාසාවට එල්ලවී ඇත. තවත් ප්‍රහාර දෙකක් විවෘත භූමිය ඉලක්ක කර ගෙන තිබේ.

ඊශ්‍රායල ප්‍රකාශක මේ ප්‍රහාරයන් සිදුව ඇතිබව තහවුරු කර ඇත. ගාසාතීරයේ රොකට් ප්‍රහාර සිදුකරන ස්ථාන 4 ක් හා අවිගබඩාවක් මේ ප්‍රහාරයන්ට ඉලක්ක වූ බව ඔහු කියාතිබේ.

තවද දකුණු ගාසා තීරයේ රොකට් විහිදුම් කේන්ද්‍රයකට ප්‍රහාර 2 ක් එල්ල කර ඇතිබව සඳහන්ය. මේ ප්‍රහාරයන් සිදුවූයේ බෙන්ජමින් නෙතන්යාහු විසින් අවශ්‍යතාක් කල් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීමෙන් පසුය.එහෙත්මෙය ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ඇතිකිරීමට යන සටන් විරාමය සාර්ථක වීමට බාධාවක් වනු ඇතැයි හමාස් සංවිධානය කියා තිබේ.

ඉකුත් සිකුරාදා සිට ගාසාතීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්නවීමට හේතුවී ඇත්තේ සටන්කාමී නායකයෙකු ඊශ්‍රායල් ප්‍රහාරවලින් මිය යාම නිසාය . ඊට පලිගැනීමක් ලෙස සටන්කාමීන් යුදෙව් ප්‍රදේශවල ට රොකට් වැසි වස්සවා ඇත.

රොකට් ප්‍රහාර 120 ක් පමණ සිදුවූ බව ඊශ්‍රායලය කියාතිබේ.පෙරේදා ගාසාතීරයේ මරණ සංඛ්‍යාව 18 දක්වා ඉහළ නැග තිබේ.

මේ තත්ත්වය යටතේ ඊශ්‍රායලයට පහර දෙන ඕනාම අයෙකුට ප්‍රහාර එල්ල කිරීමට නෙතන්යාහු උපදෙස් දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා