තර්ස්ටන් විදුහලට ලකුණු 34-0ක ජයක්

තර්ස්ටන් විදුහලට ලකුණු 34-0ක ජයක්

අන්තර් පාසල් අවුරුදු 20න් පහළ සිංගර් පළමු කොටසේ රගර් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ ඊයේ (27) රත්මලාන ගුවන් හමුදා පිටියේ දී සී. සී. ඩබ්. කන්නන්ගර විදුහල සමග පැවැති තරගයෙන් ලකුණු 34-0ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත්විය.

තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 14-0ක් ලෙස පෙරමුණ ගත් තර්ස්ටන් ක්‍රීඩකයන් ලැබූ ලකුණු 34ට ගෝල් 2ක් සහ උත්සාහක දිනුම් 4ක් ඇතුලත් විය.

අද පැවැත්වෙන තරග-ඉසිපතන - සා. ජෝශප් රාජකීය විදුහල් සංකීර්ණයේ දී, සා. පීතර - කිංග්ස්වුඩ් සා. පීතර පිටියේ දී, සා. අන්තෝනි - ත්‍රිත්ව නිත්තවෙල දී, සා. සිල්වෙස්තර- වෙස්ලි රත්මලාන ගුවන් හමුදා පිටියේ දී, සා. තෝමස් - මහානාම සා. තෝමස් පිටියේ දී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා