රණබිමේ දී පෑ දස්කම් වෙනුවෙන් පරම වීර විභූෂණ පදක්කම්

රණබිමේ දී පෑ දස්කම් වෙනුවෙන් පරම වීර විභූෂණ පදක්කම්

ස්වකීය ජීවිතයටද අත්මාරක්ෂාවටද එල්ල වන උපද්‍රව පිළිබඳ නොතකා සිය සගයන්ගේ ජීවිතාරක්ෂාව නොහොත් බළකායේ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා සක්‍රීය සේවා කාලය තුළ ස්වේච්ඡාවෙන්ම සතුරාට ‍මුහුණ දෙමින් මවුබිම වෙනුවෙන් ජීවිතය කැප කළ උදාර රණවිරුවන්ට පමණක් පිරිනැමෙන පරම වීර විභූෂණ පදක්කම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් පෙරේදා පිරිනැමිණ.

මෙවැනි ‍වීරෝදාර රණවිරුවන් පිරිසකට විජයග්‍රහණයේ සැමරුම් උලෙළකදී මෙසේ පරම වීර විභූෂණ පදක්කම් පිරිනැ‍මුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. මවුබිම වෙනුවෙන් දිවි දුන් සිය ආදරණීය සැමියා, පුතණුවන්, සහෝදරයා වෙනුවෙන් ජනාධිපතිතුමාගේ අතින් පදක්කම් ලබා ගැනීමට පැමිණෙන රණවිරු ඥාතීන් කාගේත් නෙතට කඳුළු ගෙන එන දසුනක්ම විය.

පරම වීර විභූෂණ පදක්කමට හිමිකම් කී එම රණවිරුවන් රණබිමේදී පෑ දස්කම් අසන්නන්ගේ සිත් එඩියෙන් පුරවාලන්නට සමත් විය.

ලුතිනන් කර්නල් ජේ. ඒ. එල්. ජයසිංහ, මේජර් කේ. ඒ. ගමගේ, කපිතාන් යූ. ජී. ඒ. එස් සමරනායක, කපිතාන් එම්. ජී. එම්. කේ. අයි මේගවර්ණ, සැරයන් එච්. ජී. එස් බංඩාර, කෝප්‍රල් පී. එන්. සුරංග, කෝප්‍රල් ඩී. එම්. එස්. චන්ද්‍රසිරි බංඩාර, කෝප්‍රල් පී. එම්. එන්. පුෂ්පකුමාර, ‍ලාන්ස් කෝප්‍රල් කේ. චන්දන, ලාන්ස් කෝප්‍රල් . ඒ.එම් .අයි. එම්. පී අබේසිංහ, සාමාන්‍ය සෙබළ ඊ. ජි. ඩී. ආර් දයානන්ද, ආධුනික සෙබළ ආර්. එම්. ඩී. එම් රත්නායක, ආධුනික සෙබළ ඒ. එම්. බී. එච්‍. ජී අබේරත්න, ප්‍රධාන සුළු නිලධාරී කේ. ජී. ශාන්ත, විංග් කමාන්ඩර් ටී. ඩී. එස් සිවාපුල්ලේ රණවිරුවෝ මෙහිදී පරම වීර විභූෂණ පදක්කම් ලැබූහ.

ජනාධිපතිතුමාගේ පරම වීර විභූෂණ පදක්කම් පිරිනමයි.

පරම වීර විභූෂණ පදක්කම්ලාභී රණවරුවන්ගේ නෑදෑයෝ

 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා