මහනුවර මුස්ලිම් විද්වත් සංවිධාන සහාය එජනිසයට

මහනුවර මුස්ලිම් විද්වත් සංවිධාන සහාය එජනිසයට

මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස දොළොසෙහි ම නියෝජිතයන් ගෙන් සැදුම් ලත් මුස්ලිම් විද්වත් සංවිධානයේ පූර්ණ සහාය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා දීමට තීරණය කොට ඇත.

මහනුවර මුස්ලිම් ප්‍රජාව අතර එක්සත් ජාතික පක්‍ෂයේ උන්නතියට කැප වූ අධ්‍යාපනඥයන්, ව්‍යාපාරිකයන්, බුද්ධිමතුන්, ප්‍රාදේශීය නායකයන් 115 දෙෙකුගෙන් සමන්විත මේ සංවිධානය රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ අගය කරමින් මෙසේ සන්ධානයට සහාය දීමට කැමැත්ත පළ කර තිබේ.

පාරිසරික නියෝජ්‍ය ඇමැති අල්හාජ් ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතාගේ ගම්පොල පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාර්යාලයේ ඊයේ (20) පැවැති විශේෂ සාකච්ඡාවේ දී මේ තීරණය ගෙන තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා