අතිරේක බෝග වගා කරන ගොවීන්ට රු. තුන්සිය පනහේ පොහොර සහනාධාරය අද සිට

අතිරේක බෝග වගා කරන ගොවීන්ට රු. තුන්සිය පනහේ පොහොර සහනාධාරය අද සිට

අතිරේක බෝග වගා කරන ගොවීන්ට රුපියල් තුන්සිය පනහේ පොහොර සහනාධාරය අද (21) සිට ලබා දීමට රජය තීරණය කරයි.

අතිරේක බෝග වගාව සඳහා සියයට අනූවේ පොහොර සහනාධාරය මත රුපියල් තුන්සිය පනහට පොහොර ලබා දෙන ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් සහ ගොවි සංවිධාන කරන ලද ඉල්ලීම් පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාත් සමග කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙසේ පොහොර සහනාධාරය ලබා දීමට හැකි වූ බව ගොවිජන සේවා හා වන ජීවි ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

අනුරාධපුරයේ දී ඇමැතිවරයාගේ නිවසේ පැවැති ගොවි සංවිධාන නියෝජිත රැස්වීමකින් පසු පැවැති මාධ්‍ය හමුවක දී රජයේ තීරණය දැනුම් දුන් ඇමැතිවරයා මෙසේ ද පැවසීය. විවෘත වෙළෙඳ පොළේ රසායනික පොහොර කිලෝ පනහක මිටියක් රුපියල් තුන් දහස් හයසීයක් පමණ වේ. අතිරේක බෝග එළවළු, තේ, රබර් ආදී වගාවන් සඳහා රුපියල් එක් දහස් දෙසිය පනහකට ගොවීන්ට පොහොර මිටියක් මිලදී ගැනීමට සිදුවී තිබිණ.”

මෙම නව තීරණය අනුව කුඹුරුවල අතිරේක බෝග වගා වන බඩ ඉරිඟු, උඳු, තල, මුං, මෙනේරි, කව්පි වගා කිරීම සඳහා සියයට අනූවක පොහොර සහනාධාරය යටතේ රුපියල් තුන්සිය පනහකට පොහොර ලබා ගැනීමේ අවස්ථාව ගොවි ජනතාවට උදාවේ. වී හා බඩ ඉරිගු වගාවෙන් රට ස්වයං පෝෂිත කිරීමට පොහොර සහනාධාරය ඉවහල් වූවා සේ අතිරේක භෝග වගාවෙන් ද ශශ්‍රී ලංකාව ස්වයං පෝෂිත කිරීම රජයේ අරමුණ යි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා