ෆොන්සේකාගේ නීතිඥවරුන් අද අධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා

ෆොන්සේකාගේ නීතිඥවරුන් අද අධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා

සරත් ෆොන්සේකා මහතාගේ නීතිඥවරුන් අධිකරණයට අද (21) කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට නිදහස ලැබෙන බව වැඩබලන ජනමාධ්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදීමේ ලිපියට 18 වන දින අත්සන් තැබූ බව හෙතෙම කීවේය. මාතර පඹුරන කාර්යාලයේ ඊයේ (20) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ය.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා (19 හා 20) යන දෙදින රජයේ නිවාඩු දින වන නිසා උසාවි කටයුතු නොපැවැත්වෙන බැවින් (21) දින සරත් ෆොන්සේකා මහතාගේ නීතිඥවරුන් අධිකරණයට නීතිමය කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් පසු එම තීන්දුව ක්‍රියාත්මක කෙරෙන බව ද පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා