ෆොන්සේකා නිදහස් කරන ලිපිවලට ජනපති අස්සන් තබයි

ෆොන්සේකා නිදහස් කරන ලිපිවලට ජනපති අස්සන් තබයි

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කියයි

සරත් ‍‍ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අවශ්‍ය ලි‍පිලේඛනවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තැබූ බව ජනාධිපති ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා පැවසීය.

අත්සන් තැබූ එම ලේඛන ජනාධිපතිවරයා කටාර් රාජ්‍ය බලා පිටත්ව යාමට පෙර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා වෙත බාර දුන් බව ජයසේකර මහතා ප්‍රකාශ ‍කළේය. එම ‍ලිපිලේඛන අදාළ කටයුතු සඳහා අධිකරණ අමාත්‍යාංශය වෙත අද (21) බාර දීමට නියමිත බවත් ජයසේකර මහතා දිනමිණට පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා