18න් පහළ පාසල් ක්‍රීඩකයන්ට විස්සයි 20 ක්‍රිකට් තහනම්

18න් පහළ පාසල් ක්‍රීඩකයන්ට විස්සයි 20 ක්‍රිකට් තහනම්

විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩාව අවුරුදු 18න් පහළ පාසල් ක්‍රීඩකයන්ට තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹිණි.ඒ අනුව එම වයස් සීමාවේ ක්‍රීඩකයන් විස්සයි 20 ක්‍රිකට් තරගවලට සහභාගි නොකරන ලෙස රටපුරා සියලු විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දීමට තීරණය විය.

විස්සයි 20 වැනි ප්‍රවේගකාරී ක්‍රිකට් රටාවෙන් කුඩා දරුවන් තුළ තාක්‍ෂණික වෙනස්වීම් ඇතිවීම හා කුඩා කාලයේ සිට නිවැරදි ක්‍රමයට ක්‍රිකට් ක්‍රීඬඩාව ඉගෙනීමට ඇති බාධා සලකා මේ තීරණයට එළැඹ ඇත.ඊයේ පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති තීරණාත්මක රැස්වීමට ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන සිල්වා මහතා,පාසැල් ක්‍රිකට් සංගමයේ නියෝජිතයන් දෙදෙනෙක්, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් හා පාසැල් ක්‍රීඩා අධ්‍යක්ෂ රෝහණ කරුණාරත්න මහතා මේ රැස්වීමට සහභාගී වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයන් දෙදෙනෙකුට මේ රැස්වීමට ආරධනා කර තිබුණද සහභාගීවී නැත.එහෙත් විස්සයි 20 ක්‍රිකට් පාසැල් සිසුන්ට තහනම් කළ යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළින්ම ඇනුම්දී තිබුණි.

ක්‍රිකට් ක්‍රීඩාවේ දක්නට ලැබෙන අලංකාර තාක්ෂණික ප්‍රහාර විස්සයි 20 තුළින් ඈත්වී කෙසේ හෝ ලකුණූ ලබා ගැනීමේ ප්‍රහාරක ක්‍රමවේදවලට පෙළඹීම හරහා ක්‍රිකට් විනාශවී මුදල් පසුපස හඹා යන තත්ත්වයක් නිර්මාණයවී ඇතැයි ක්‍රිකට් විශාරදයන් සිය කනස්සල්ල පළ කරමින් සිටිති.එමෙන්ම තරග පාවාදීම උදෙසා ක්‍රීඩකයන් මුදල් ලබා ගත්තේ යැයි චෝදනා එල්ලවීමද විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩාවේදී බහුලව සිදුවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා