සුළඟේ වේගය වැඩියි මුහුදු යන්නේ ප්‍රවේශමෙන්

සුළඟේ වේගය වැඩියි මුහුදු යන්නේ ප්‍රවේශමෙන්

දිවයිනට දකුණු ගිණිකොන නැගෙනහිර මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශ වලදී සුළඟේ වේගය පැයට කි.මී.60 – 70 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා මුහුදු ගමන්වලදී ප්‍රවේශම් වන ලෙසද කාලගුණ විද්‍යාඥ පී.ජී. යසරත්න මහතා පැවසීය.

බස්නාහිර, සබරගමුව පළාත්වල හා ගාල්ල මාතර දිස්ත්‍රික්ක වලත් නිරිත දිගින් හමන තද සුළං සමග කඩින් කඩ වැසි ඇතිවිය හැකියි පවසන එම දෙපාර්තමේන්තුව අකුණු අවදානම ගැන සැලකිලිමත්වන ලෙසද කියයි.

නිරිත දිගින් හමන සුළඟේ වේගය පැයට කි.මී 40 – 50 අතර වෙතැයිද එම දෙපාර්තමේන්තුව කියා සිටී.

උදය කාලයේ තරමක තද වැසිද සවස් කාලයේ දිවයිනේ අනෙක් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසිද හට ගන්නා බවත් දිවයිනට නැගෙනහිර ගැඹුරු මුහුදු ප්‍රදේශවල කඩින්කඩ වැසි ඇතිවිය හැකියැයිද යසරත්න මහතා කීය.

පෙරේදා (24) වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයටය එය මි.මී. 90.4කි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා