නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කෝටි ගණනක වංචාවක්

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කෝටි ගණනක වංචාවක්

රහස් පොලිසියට පැමිණිලි

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ රුපියල් කෝටි ගණනක මුල්‍ය වංචාවක් සම්බන්ධව විදේශ රටක සිට පැමිණිල්ලක් රහස් පොලිසියට ලැබී තිබේ.

එම මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රබලයන් සිවුදෙනෙක් මුල්‍ය වංචාවට සම්බන්ධව බවට නම් කර ඇත. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට විවිධ අංශවලින් ලැබුණු රුපියල් කෝටි ගණනක මුදලක් එම ව්‍යාපාරයේ කිහිප දෙනෙක් පමණක් වංචාකාරී ලෙස ලබාගෙන ඇති බව මේ පැමිණිල්ලේ සඳහන්ය.

මේ අතර එම මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙස සිටි පුද්ගලයා ඉල්ලා අස්වී තිබේ. ඒ වෙනුවට වෙනත් කාන්තාවක් එම තනතුරට පත් කර ඇත. පත්වූ එම කාන්තාව පසුගිය යුද සමයේදී කළු කොටි තරුණයන් අගයන වැඩසටහනක් සකස් කර රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන පෞද්ගලික නාලිකාවකින් ප්‍රචාරය කර තිබේ.

පැමිණිල්ල සම්බන්ධව රහස් පොලිසිය ළඟදීම පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කරගෙන යයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා