සරණාගතයන් 200ක් රැගත් යාත්‍රාවක් පෙරළී 75 දෙනකු මරුට

සරණාගතයන් 200ක් රැගත් යාත්‍රාවක් පෙරළී 75 දෙනකු මරුට

සරණාගතයන් 200 රැගත් යාත්‍රාවක් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත ආසන්න මුහුදේදී ඊයේ (21) අනතුරට ලක්ව තිබේ.

නීති විරෝධී සංක්‍රමණිකයන් රැගත් මෙම යාත්‍රාව ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් තිබියදී පෙරළී යාමෙන් අනතුර සිදුව තිබෙන අතර එම අනතුරින් පුගලයන් 75 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඉන්දීය මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 120 ක් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිස්මස් දූපතට කිලෝමීටර් 2600 කට ඈතින්වූ ඉන්දුනීසියානු මුහුදු සීමාවේදී මේ යාත්‍රාව අනතුරට පත්ව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. අනතුරටපත් යාත්‍රාවේ සිටින පිරිස් බේරා ගැනීමට සහ අතුරුදන් වූවන් සෙවීම සඳහා ඔස්ට්‍රේලියානු හා ඉන්දුනීසියානු නාවික හමුදා, ගුවන් හමුදා කණ්ඩායම් ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

නීති විරෝධී සංක්‍රමණිකයන් රැගෙන යන බෝට්ටු අනතුරු අතර මෙය විශාලතම අනතුරක් බවද අදාළ යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට ඕස්ට්‍රේලියානු නාවික සේවා අධිකාරියට අනතුරු දැන්වීමේ පණිවිඩයක් ලබාදී තිබෙන බවද වාර්තා වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා