මහ බැංකුවෙන් ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර

මහ බැංකුවෙන් ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර

අමෙරිකානු ඩොලර් බිලියනයක (රුපියල් කෝටි 13,000) ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මේ බැදුම්කර නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන අතර එහ සුදුසු කල් පිරීමේ කාලයක් සහිතව ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳ පොළ වෙත නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඩොලර් සංචිතය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙන අතර ඒ වෙනුවෙන් ලැබුණු යෝජනා 08ක් ඇගයීමෙන් අනතුරුව මේ පියවර ගෙන තිබේ.

කළමනාකරුවන්, ගනුදෙනු පවත්වාගෙන යන්නන් හා ප්‍රතිරක්ෂකයන් වශයෙන් කටයුතු කිරීම සඳහා ආයතන හතරක් පත්කර තිබෙන අතර බෑන්ක් ඔෆ් අමෙරිකා මෙරිල්ලින්ච්, බාක්ලේස් කැපිටල්, සිටි බෑන්ක් එන් ඒ සහ හොංකොං ඇන්ඩ් ෂැංහයි බෑන්ක් කෝපරේෂන් යන ජාත්‍යන්තර ආයෝජන බැංකු ඒ අතර වෙයි.

ඊට අමතරව මෙම යෝජිත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඒකාබද්ධ නියමු කළමනාකරුවන් සිවුදෙනා සමඟ සම කළමනාකරුවකු වශයෙන් මහජන බැංකුව තෝරාගෙන ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා