වසා දමා තිබු ඉගිණියාගල වී ගබඩා සැකසිමේ කටයුතු හමුදාව භාරයට

වසා දමා තිබු ඉගිණියාගල වී ගබඩා සැකසිමේ කටයුතු හමුදාව භාරයට

(2012-06-22 12:25) දශක ගණනාවක් තිස්සේ වසා දමා දිරාපත් වෙමින් තිබු අම්පාර ඉගිණියාගල සයිලෝ වී ගබඩා සංකිර්ණය සහල් සැකසිම සදහා ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇත. සහල් සැකසිම ගබඩා කිරිම සඳහා මෙම ගබඩා සංකිර්ණය ඉදිකර තිබුණද මෙතෙක් කලක් එහි නිසි පරිදි එම කටයුතු සිදු කර නැති බවත් වී ගබඩාවක් ලෙස පමණක් මෙතෙක් කලක් වී අලෙවි මණ්ඩලය මගින් භවිතා කල බවත් වී අලෙවි මණ්ඩලය පවසා සිටි.

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් වී ගබඩා කළ හැකි විශාල සයිලෝ ගබඩා දොලහකින් හා මධ්‍යම ප්‍රමාණයේ ගබඩා හයකින් මෙම ගබඩා සංකිර්ණය සමන් විතය. වී සහල් බවට පත් කිරිම සඳහා වීශාල යන්ත්‍ර උපකරණ පද්ධතියක් මෙම ගබඩා සංකිර්ණයේ තිබුණද බොහොමයක් යන්ත්‍ර උපකරණ කාලයාගේ ඇවැමෙන් විනාශයට පත්ව ඇත.

නැඟෙනහිර පළාතේ පවතින යුද හමුදා කදවුරු සදහා මසකට සහල් කිලෝ ලක්ෂ දෙකක් පමණ ප්‍රමාණයක් අවශ්‍යවන අතර එම සහල් ප්‍රමාණය මෙම සයිලෝ වී ගබාඩා සංකිර්ණයෙදිම සකසා ගැනිම මෙහි මුලික අරමුණ වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා