ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හම්බන්තොටට

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හම්බන්තොටට

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් මුළු රට පුරා ව්‍යාප්ත කිරීමේ අදියරේ නවතම පියවර ලෙස සිය මඟී නියෝජිත කාර්යාලයක් හම්බන්තොට දී අද (21) විවෘත කෙරේ.

මේ වසරේ දී ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විවෘත කළ දෙවැනි නියෝජිත කාර්යාලය මෙය වන අතර එමඟින් විකුණුම් කටයුතු සම්බන්ධ සියලු කාර්යයන් දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සැපයීමට බලාපොරොත්තු වේ.

ගුවන් සමාගම අදාළ මෙහෙයුම් කටයුතු ඉටු කිරීම සඳහා සී/ස Expolanka holdings සමාගමේ සම්පූර්ණ හිමිකාරීත්වයක් සහිත උප සමාගමක් වන සී/ස Classic Travel (PVT) LTD මඟී නියෝජිත කාර්යාලය බවට පත් කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා