මොරටුව-කටුබැද්ද බස් බෝම්බ සිද්ධියේ ප්‍රධාන සාක්කිකරු අත්අඩංගුවට ගන්න නියෝග

මොරටුව-කටුබැද්ද බස් බෝම්බ සිද්ධියේ ප්‍රධාන සාක්කිකරු අත්අඩංගුවට ගන්න නියෝග

පානදුර සමූහ කපිල සෝමරත්න

මොරටුව කටුබැද්ද මහා මාර්ගයේදී වර්ෂ 2007 ජුනි මස 1දා ක්ලේමෝ බෝම්බයක් බස් රථයක පුපුරුවා හැර මගීන් 26 දෙනකු ඝාතනය කර මගීන් 40 කට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන සාක්කිකරු අත්අඩංගුවට ගැනීමට පානදුර පළාත්බද මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පසුගියදා ත්‍රස්තවාදී කටයුතු විමර්ශන අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වරෙන්තු නිකුත් කළාය.

මේ නඩුව මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂානිල් කුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ පෙර දින පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් ප්‍රධාන සාක්කිකරු වැඩිදුර සාක්කිදීම සඳහා අධිකරණයට පැමිණ නැති බවයි.

මේ නඩුවේ විත්තිකරුවන් වූයේ එල්ටීටීඊ සංවිධානයේ බෝම්බ ක්‍රියාකරුවන් වූ තංගවේලු නිම්ලන් හෙවත් තපල්වම් සහ නඩේසන් කුගනාදන් හෙවත් නෙත්රිල් යන දෙදෙනාය.

ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට නඩු පවරා ඇත්තේ නීතිපතිවරයා විසින් අධිචෝදනා 103ක් ඉදිරිපත් කරමිනි.

නඩු විභාගය වැඩිදුරට කල් දැමීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා