මඩකළපුවේ හර්තාල්

මඩකළපුවේ හර්තාල්

(2012-09-21. 14:45) ඉස්ලාමික ආගමික නායක මුහම්මද් නබිතුමාට අපකීර්තියක් ඇතිකරන ආකාරයෙන් අමෙරිකානු රජය පළකර ඇති චිත්‍රපටියට විරෝධය දක්වමින් මඩකළපුව දිස්ත්‍රික්කයේ සියලුම මුස්ලිම් ප්‍රදේශවල අද සම්පූර්ණ හර්තාල් ව්‍යාපාරයක් දියත් කළේය.

එරාවූර්, ඔට්ටමාවඩි, වාලච්චේන, කාත්තන්කුඩි යන ප්‍රදේශවල පිහිටි සියලුම වෙළෙඳසැල්, වෙළෙඳපොළ, භෝජන ශාලා වසා දමා කළු කොඩි ඔසවා තිබිණි.

රාජ්‍ය, කාර්යාල බැංකු සියල්ල ක්‍රියාත්මක නොවූ අතර සිසුන්ගේ නොපැමිණීම හේතුවෙන් පාසල් කටයුතු සියල්ල ඇනහිටිණි.

කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවූ අතර අභ්‍යන්තර ගමන් සේවා ඇනහිට තිබූ නමුත් දුර ගමන් සේවයට බාධා නොතැබූ බව පොලිසිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා